නීතිපති හමු වූ විශේෂිත නියෝජිතයා

නීතිපති හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ මෙරට ප්‍රධාන නියෝජිතවරයා අතර හමුවක්

by Staff writer 23-08-2020 | 3:16 PM

COLOMBO ( News 1st ) : නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ මෙරට ප්‍රධාන නියෝජිතවරයා අතර සාකච්ඡාවක් ඊයේ(23) පැවැත්විය.

ඒ, නීතිපති නිල මැදිරියේදී ය. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය කටයුතු පිළිබඳ හා සංවිධානාත්මක අපරාධ ත්‍රස්තවාදය පිළිබඳ සමුද්‍ර විශේෂඥයෙකු ද එම සාකච්ඡාවට එක්ව සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය.