by Staff writer 23-08-2020 | 6:20 PM
COLOMBO (News 1st) : නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක අවශ්‍යතාවක් ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදි පැවැත්විය.
රට ගොඩනගන වැඩපිළිවෙළ හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙනයන වැඩපිළිවෙළ සඳහා දායක වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරි සේවා සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.
ආයතනයක නායකත්වය වෙනස් වූවත් වැඩපිළිවෙළ තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව සඳහන් ය.
ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.