ගම්පොළදී කොටියෙකු මද්දකට බිලිවෙයි

ගම්පොළදී කොටියෙකු මද්දකට බිලිවෙයි

by Chathuranga Rajapaksha 23-08-2020 | 12:14 PM
COLOMBO (News 1st): ගම්පොළ, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල් බිහිවී ඇති පුද්ගලික ඉඩමක් තුළ ඇටවූ මද්දකට හසු වීමෙන් කොටියෙකු මියගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය පිළිබඳ දැනුම් දී නුවරඑළිය වනජීවි නිලධාරීන් පැමිණෙන විටත් කොටියා මියගොස් සිටි බවය. කොටියාගේ වසය අවුරුදු එක හමාරක් පමණ වන බව අප වාර්තාකරු සඳහන් කළේය. කොටියා මියයාම පිළබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.