by Staff writer 22-08-2020 | 2:49 PM
COLOMBO (News 1st) - ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි.
ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද දෙකෝටි තිස් ලක්ෂ අනූ හත් දහස් එකසිය පනස් අටදක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් වාර්තා අනාවරණය කළේ කොරෝනා වැළඳුණු පුද්ගලයින් එක් කෝටි පනස් හය ලක්ෂ අසූ අට දහස් නවසිය විසි තුන් දෙනෙකු සුවය ලබා ඇති බවයි.
මේ අතර කොරෝනා වසංගතය අවසන් වීමට තවත් වසර දෙකක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් පැවසුවේ ලොව තාක්ෂණික අතින් විශාල දියුණුවක් ලබා ඇතත් කෙටි කාලයකදී මෙම වසංගතය පාලනයට අපොහොසත් වී ඇති බවයි.
රටවල් වශයෙන් හා සමස්ත ලෝකයාම කොරෝනා වෛරසය පාලනය සඳහා එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි.