by Staff writer 22-08-2020 | 4:17 PM
COLOMBO (News 1st): යක්කල නගරයේ ව්‍යාපාරිකයෙකු බිය වද්දා මුදල් කොල්ලකෑමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගනයන මෙම පුද්ගලයාම මීට පෙරද බිය වද්දා මුදල් කොල්ලකා ඇති බව පොලීසිය සඳහන් කළේය.
අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව ව්‍යාපාරිකයා පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ද සැකකරුවන් ව්‍යාපාරිකයා බිය වද්දා මුදල් ඉල්ලා තිබේ.
ඒ පිළිබඳව ව්‍යාපාරිකයා යක්කල පොලීසිය දැනුවත් කර තිබුණේ, ඊයේ පස්වරුවේදීය.
වහාම ක්‍රියාත්මක වූ යක්කල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය අද අලුයම සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් හා එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ගැනීමට කටයුතු කළේය.
සැකකරුවන් වයස අවුරුදු 23, 26 හා 46 යන වයස්වල පසුවන යක්කල, බුත්තිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
https://www.facebook.com/NewsfirstSL/videos/1002424776873626/