by Staff writer 22-08-2020 | 2:38 PM
COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 200,148 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරික්‍ෂණ 1,590 ක් සිදුකර ඇති බවයි.
ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 629 කි.
ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 508 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ.
එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 15 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය.
මේ වන වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,173 කි.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48 ක් තුළ පුද්ගලයින් 6,855 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
අද උදෑසන වනවිට පුද්ගලයින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 6 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර සෙසු පුද්ගලයින් දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ.
ඒ අනුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව පුද්ගලයින් 589 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 40 කි.
මේ අතර කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 25,000කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ රටවල් 93 ක ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි.
තවත් ශ්‍රී ලාංකිකයින් පනස් දහසකට ආසන්න පිරිසකගෙන් දිවයිනට පැමිණීම සඳහා ඉල්ලීම් ලැබී ඇතැයි අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.