by Staff writer 22-08-2020 | 6:29 PM
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැවුමාගේ කල්ලියේ සාමාජිකයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 'දියගම මංජු' නමැත්තෙකි.
පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 9 ක් සොයාගත් බවයි.
ත්රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව කළුතර උතුර පොලිස් වසමේ ඇලමෝදර පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නිපිටිය දියමන්ති කොල්ලයේ ප්රධාන සැකකරුවෙකු වන මොහු අධිකරණයෙන් ඇප ලබා පැමිණි අයෙකු බව පොලීසිය පැවසී ය.
මෙම සැකකරු සමග එම අවස්ථාවේදී ත්රිරෝද රථයේ සිටි තවත් ජාවාරම්කරුවෙකු අත්ඩංගුවට ගැනුණු අතර ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්රමාණය ග්රෑම් එකකි.