by Staff writer 22-08-2020 | 10:15 PM
COLOMBO (News 1st) : දකුණු චීන මුහුදේ හයිනාන් දූපතේ භූගත කදවුරකට ඇතුළු වන චීන සබ්මැරීනයක් දිස්වන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දුර්ලභ ඡායාරූපයක් මේ වන විට විදෙස් මාධ්‍ය තුළ සංසරණය වේ.
අමෙරිකානු පසුබිමක් ඇති ප්ලැනට් ලැබ් නමැති සමාගමේ, රේඩියෝ ෆ්‍රී ඒෂියාහි සමාජ මාධ්‍ය ගිණුමක මුල් වරට මෙම ඡායාරූපය පළ කර තිබිණ.
093 වර්ගයේ න්‍යෂ්ටික සබ්මැරීනයක් යුලින් නාවික කඳවුරේ භූගත උමගකට ඇතුළු වන අයුරු අදාළ ඡායාරූපයේ දිස්වන බව සඳහන් ය.
හොංකොං සිට නිරිත දෙසට සැතපුම් 300 ක් පමණ දුරින් පිහිටා ඇති හයිනාන් දූපතේ දකුණු කෙළවරේ යුලින් කඳවුර පිහිටා තිබේ.
චීනයේ නාවික වත්කම් ආරක්ෂා කිරීම සඳහා ඇති ප්‍රධාන පහසුකම්වලින් මෙම කඳවුර සමන්විත බව විදෙස් වාර්තාවල සඳහන් ය.