අලව්ව - කුරුණෑගල පාරේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5දෙනෙකු මරුට

by Staff writer 22-08-2020 | 8:10 AM

COLOMBO (News 1st) - අලව්ව, කුරුණෑගල මාර්ගයේ ඉහලවලකුඹුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අලුයම 4.05 ට පමණ මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාපෘතියක සේවයේ නියුතු පුද්ගලයින් පිරිසකි.