මියයන කම්කරුවෙකුගේ වන්දි මුදලට සංශෝදනයක්

හදිසියේ මියයන කම්කරුවෙකුට ලබාදෙන වන්දි මුදල වැඩිකිරීමට අවධානය

by Staff writer 21-08-2020 | 3:54 PM

COLOMBO (News 1st) - වැඩබිමක හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවෙකු සඳහා ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.

ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදීයි. මේ වන විට වැඩබිමක හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවෙකු සඳහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් බව සඳහන්. මෙම අවස්තාවට එක්වෙමින්, අමාත්‍යවරයාගේ අවධානය වැඩිදුරටත් යොමුව ඇත්තේ, කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ඒ අනුව, අදාල නඩු සියල්ල කම්කරු විනිශ්චය සභා වලට යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.