by Staff writer 21-08-2020 | 8:51 PM
COLOMBO (News 1st) : 'සිරස නිවස' නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් අවසන් කළ තවත් නිවසක් අද මාතරදී නිවැසියන්ට භාර කෙරිණ.
මාතර කිරින්ද පුහුල්වැල්ල දුම්මණ්ඩිය ප්‍රදේශයේ ඉදි කරනු ලැබූ නිවසක් මෙලෙස භාර කෙරුණේ අද පෙරවරුවේයි.
ප්‍රදීපා ප්‍රියංගනී සහ ඇගේ පවුලේ අය වෙනුවෙන් මෙම නිවස ඉදි කර දෙනු ලැබුවේ 'සිරස නිවස'' නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙසිනි.
මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂිකා නීඩ්‍රා වීරසිංහ මහත්මිය ද සහභාගි වූවා ය.
සිරස මාධ්‍ය ජාලයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම මාතර යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී උපුල් චන්දික මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.