සැප්. සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු වේලාවට

සැප්තැම්බර් සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු වේලාවට

by Staff writer 21-08-2020 | 6:18 PM
COLOMBO (News 1st) : 10,11. 12 සහ 13 ශ්‍රේණි සඳහා ලබන මස පළමු වැනිදා සිට පාසල් පැවැත්වෙන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබාදී යළි ආරම්භ කළ පාසල්වල ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පෙරවරු 7.30 ට සිට පස්වරු 3.30 දක්වා පැවැත්විණ. ලබන පළමු වැනිදා අදාළ වේලාවන් සංශෝධනය කෙරෙන තෙක් මෙම මාස අවසානය තෙක් දැනට නියමිත වේලාවටම අදාළ ශ්‍රේණිවල අධ්‍යායන කටයුතු ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.