විදුලිය කප්පාදුව අවසන්

විදුලිය කප්පාදුව අවසන්

by Staff writer 21-08-2020 | 8:39 PM
COLOMBO (News 1st ) : දෛනික විදුලි කප්පාදුවක් අද සිට සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද පද්ධතියට එක් කළ බවයි. කෙරවලපිටිය විදුලි උපපොලේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉකුත් සදුදා දහවල් 12. 35 ට පමණ දිවයිනෙහිම විදුලිය විසන්ධි විය. ඉන්පසු නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රියවීම හේතුවෙන් දින කිහිපයක් මුළු දිවයිනටම විදුලිය කප්පාදු කළේ ය. මේ අතර නොරෝච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 300 ධාරිතාවක් අද දිනයේ ජාතික විදුලි පද්ධතියට එක් කර තිබේ. එම බලාගාරයේ කළමනාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා සඳහන් කළේ, හෙට එක් යන්ත්‍රයකුත් ලබන සඳුදා අනෙක් ජනන යන්ත්‍රයත් ජාතික පද්ධතියකට එක් කිරිමට බලාපොරොත්තු වන බවයි. https://business.facebook.com/watch/?v=415731329387754