මහ පාරේ අතහැර ගිය දරු සෙනෙහස

මහ පාරේ අතහැර ගිය දරු සෙනෙහස

by Staff writer 21-08-2020 | 9:07 PM
COLOMBO (News 1st) : මව් දෑතින් මහ මඟ දමා යන දරුවන් බොහෝ අවස්ථාවල මෙලොවින් සමුගෙන යන නමුත් ජීවත් වීමට වාසනාව ඇති බිළිඳුන් ද ලොවේ විරල නැහැ. එවැනි සිඟිත්තෙකු අද හමු වුණේ, කොළඹ ටොරින්ටන් මාවතෙනි. අළුත උපන් මේ පිරිමි දරුවා කොළඹ ටොරින්ටන් මාවත හැටේ වත්තේ, ශ්‍රී ධම්මතිලකාරාම බුද්ධ මන්දිරය තුළින් සොයා ගැනිණ. ඒ, එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකු එම දරුවා එහි සිටින ආකාරය දැකීමෙන් පසුවයි. පසුව පොලීසිය මෙම ස්ථානයට පැමිණියේ නිල සුනඛයින් ද සමගිනි. මෙම ස්ථානයේ තිබී සෙරෙප්පුවක් දරුවා ඔතා තිබු රෙදි කැබැල්ල ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් පොලීසිය සොයා ගත්තේ ය. පොලීසිය මැදිහත් වී දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අතුළත් කළ අතර තවමත් එම රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ නව ජන්ම එකකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය  යටතේයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, වයස අවුරද්දකට අඩු දරුවෙකු ඇති දැඩි කරගැනීමට නොහැකි නම් එම දරුවන් රජයට භාරගැනීමේ වැඩ පිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවයි. අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/614642102526302/