by Staff writer 21-08-2020 | 10:15 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අද්‍යාපන අමාතයංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශන සභාවේ 5 වැනි සභා වාරයේ දී මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදියි.
මෙහිදී එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.