by Staff writer 21-08-2020 | 9:13 PM
COLOMBO (News 1st) : උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ.
ඒ, ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.
ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බීච් ක්‍රාෆ්ට් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් යොදාගනිමින් අදාළ සියලු ස්ථාන නිරීක්ෂණය කළ බවයි.
එහිදී රක්ෂිතය තුළ ගංජා වගා කරන ලද ස්ථාන 8 ක් නිරීක්ෂණය කර ඇතැයි සඳහන් ය.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අනවසර ගංජා වගා භූමිවලට ගොඩබස්වනු ලැබී ය.
ඒ ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ සහ එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා දෙකක් යොදා ගනිමිනි.
https://business.facebook.com/NewsfirstSL/videos/415731329387754/