උපාධිධාරීන් පිරිසක් විරෝධතා පාගමනක

උපාධිධාරීන් පිරිසක් විරෝධතා පාගමනක

by Staff writer 21-08-2020 | 1:19 PM

COLOMBO (News 1st) - රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම ඇතුළත් නොවූ උපාධිධාරීන් පිරිසක් අද විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

මෙම උපාධිධාරීන් පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් පැමිණියේ ජනාධිපති කාර්යාලය අසළටයි. මෙරට විදේශිය විශ්වවිද්‍යාලවල උපාධි හැදැරූ සිසුන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අප වාර්තාකරු පැවසුවේය. එවැනි උපාධීධාරීන් තුන් දහසකට අධික පිරිසකගේ නම් රැකියාලාභී උපාධිධාරී ලේඛනයෙන් ඉවත් කර ඇති බවත් එය අසාධාරණ බවත් මොවුන් ප්‍රකාශ කළේය.