අප්‍රේල් 21 ප්‍රහාරය: සාගල අද ජනපති කොමිසමට: රනිල් පැමිණීම කල් යයි

අප්‍රේල් 21 ප්‍රහාරය: සාගල අද ජනපති කොමිසමට: රනිල් පැමිණීම කල් යයි

අප්‍රේල් 21 ප්‍රහාරය: සාගල අද ජනපති කොමිසමට: රනිල් පැමිණීම කල් යයි

කර්තෘ Staff writer

21 Aug, 2020 | 9:40 am

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද කැඳවා තිබේ.

කොමිසමේ ලේකම් එච්.එම්.පී.බි හේරත් මහතා සඳහන් කළේ පෙරවරු 9.30 ට හිටපු අමාත්‍යවරයාව කැඳවා ඇති බවයි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද කැඳවා තිබුණි.

එහෙත් ඔහු කළ ඉල්ලීමකට අනුව ලබන 31 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා එම ඒකකයට කැඳවීමට නියමිත බව එච්.එම්.පී.බි හේරත් මහතා පැවසුවේය.

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව මේ වනවිට පුද්ගලයින් 262 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබේ.

කොමිසම, ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]