by Staff writer 20-08-2020 | 7:17 PM
COLOMBO (News 1st) : සිකුරාදා දිනයෙන් පසු දෛනික විදුලි කප්පාදුවක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ හෙට පස්වරුව වන විට නොරොච්චෝලේ බලාගාරය පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
කෙරවලපිටිය විදුලි උපපොළේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඉකුත් සඳුදා පැය 6 කට ආසන්න කාලයක් මුළු දිවයිනටම විදුලිය විසන්ධි විය.
පසුව එය යථා තත්ත්වයට පත්කිරීමට කඩිනමින් පියවර ගත් අතර පසුදින තීරණය කෙරුණේ කලාපවලට බෙදා දිවයින පුරා දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි.
ඒ විදුලිය විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිතවීම නිසයි.