විවිධ රටවල සිටි ලාංකිකයන් 745ක් දිවයිනට

විවිධ රටවල සිරවී සිටි ලාංකිකයන් 745 දෙනෙකු දිවයිනට

by Staff writer 20-08-2020 | 2:22 PM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටි ලාංකිකයන් 745 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

ඒ කුවේට්, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා කටාර් රාජ්‍යයේ සිටයි. ඉන්දියාවේ සිට අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 290 කි. කටාර්හි සිට පුද්ගලයින් 20 දෙනෙකු පැමිණියේ ය. මත්තල ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ කුවේටයේ සිට ලාංකිකයන් 266 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 169කි. ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණි.