වතුර බිඳක් නැතිව වසර 60ක් ගෙවුණු පාසලක්

වතුර බිඳක් නැතිව වසර 60ක් ගෙවුණු පාසලකට ගම්මැද්දෙන් විසඳුම්

by Staff writer 20-08-2020 | 10:38 PM
COLOMBO (News 1st) : මාතර - මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලය, සිසු දරු දැරියන් 140 ක් පමණ ඉගෙනුම ලබන දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක්... වසර 60 කට ආසන්න කාලයක සිට මේ පාසලට ස්ථීර පානීය ජල ව්‍යාපෘතියක් තිබුණේ නැහැ. කිලෝමීටර 2 ක පමණ දුර සිට කුඩා වතුර වළකින් බට යොදා මේ පාසලට ජලය ලබා ගත්තත්, ඒවා පැවතියේ අපිරිසිදු තත්ත්වයකයි. වියළි කාලගුණය සහිත දිනවලදී එම ජලය ද පාසලට නොලැබිණ. ගම්මැද්ද මේ ගැටලුවට විසඳුම් ලබා දුන්නේ ය. ඒ, නළ ළිඳක් සාදා - ජල නළ පද්ධතියක් මගින් ටැංකියකට ජලය රැගෙන ගොස්, එම ටැංකියෙන් ජල කරාම සහිත බෙදාහැරීමේ ස්ථාන දෙකක් වෙත ජලය රැගෙන යමිනි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ, මුලටියන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජගත් මීගහවත්ත මහතායි. මේ උත්සවයේදී සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සහ මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, අශෝකා ගාමනී මහත්මිය ත් අදහස් පළ කළහ. මේ අතර අද පාසලේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීමක් ද සිදුවිය. ශ්‍රී පන්තාරාම පුරාණ විහාරයට ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් ද මීට සමගාමීව පරිත්‍යාග කළේ ය. https://business.facebook.com/NewsfirstSL/videos/2399089550400015/