මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට

මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට

by Staff writer 20-08-2020 | 7:53 PM
COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ. ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විතයි. ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රීඩා ප්‍රමිතීන් හා යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා සභාවේ කාර්යයන් ය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, පිහිණුම් ශූර ජුලියන් බෝලිං, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මේජර් ජනරාල් රාජිත අම්පේමොහොට්ටි, කස්තුරි විල්සන්, රොහාන් ප්‍රනාන්දු, නීතීඥ රොවේනා සමරසිංහ, රුවන් කෑරගල, සුපුන් වීරසිංහ, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, අමල් එදිරිසූරිය, සහ සංජීව වික්‍රමනායක, යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.