ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට

ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට

by Staff writer 20-08-2020 | 5:31 PM
COLOMBO (News 1st) : ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොළිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. උගස් පොළී අනුපාතය ද, 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය. පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොළිය පහත දමා ඇත්තේ 16% ලෙසයි. ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ. ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.