ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට

ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට

ක්‍රෙඩිට් කාඩ් ණය පොළිය 18% දක්වා පහළට

කර්තෘ Staff writer

20 Aug, 2020 | 5:31 pm

COLOMBO (News 1st) : ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොළිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

උගස් පොළී අනුපාතය ද, 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොළිය පහත දමා ඇත්තේ 16% ලෙසයි.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.

ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]