by Staff writer 19-08-2020 | 6:08 PM
COLOMBO (News 1st) : 12 හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ ගණිත ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිවරණ මහතා පැවසුවේ, තමා වෙත ලද පෞද්ගලික පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු සැකකරු කොළඹදී අත්අඩංගුවට ගත් බවයි.