රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

by Staff writer 19-08-2020 | 4:26 PM
COLOMBO (News 1st) : රාජ්‍ය බැංකු තුළ සිදුවූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුවයි. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ කැබිනට් පත්‍රිකාවට අද අනුමැතිය හිමිවූ බවයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරිමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි මස 08 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන හා කාර්ය පටිපාටිවලට අනුකූල නොවන අවස්ථා සොයා බැලීම මෙම කමිටුවට පැවරී තිබේ. එමෙන්ම අදාළ සිව් පුද්ගල කමිටුව තුළින් එම බැංකු සිදු කළ ඵලදායි නොවු ක්‍රියාවන් හා ගනුදෙනු අධ්‍යනය කෙරෙනු ඇති. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ, හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස වරලත් ගණකාධිකාරි සුසන්ත ද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව් ප්‍රේමානන්ද යන මහත්වරුන් පත්කර තිබේ.