by Staff writer 19-08-2020 | 4:17 PM
COLOMBO (News 1st) : මීරිගම පොලීසිය කළ වැටලීමකින් රිවෝල්වර තුනක් සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිරිගම නාල්ල ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී ගල්කටස් ගිනි අවි 2ක්, අත්විලංගු කුට්ටමක්, උණ්ඩ 64 ක්, යුද හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක නිල ඇඳුම් රෙදි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.