by Staff writer 19-08-2020 | 6:43 PM
COLOMBO (News 1st) : සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' හෙට වැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා අද මඩකළපුව බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන ගියේ ය.
ඒ මඩකලපුව මහාධිකරණය ඊයේ ලබාදුන් අවසර අනුවයි.
සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පසුගිය මහ මැතිවරණයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුව සඳහා තේරීපත් විය.
ඔහු තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂයේ නායකයායි.
2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
https://www.youtube.com/watch?v=eVxcC1JHIl8&feature=youtu.be