අල්ලස් ගත් ගමනාගමනේ කළමනාකරුවෙක් දැලේ

අල්ලස් ගත් ගමනාගමනේ ප්‍රා. කළමනාකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 19-08-2020 | 5:08 PM
COLOMBO (News 1st) : රුපියල් 60,000ක අල්ලසක් ලබා ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රාදේශීය කළමනාකරු අද අත්අඩංගුවට ගැනිණ. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ වැටලීමකදීයි. එහි විමර්ශන අධ්‍යක්ෂ, ජෙෂ්‍යඨ පොලිස් අධිකාරි පද්මිණී විරසූරිය මහත්මිය පැවසුවේ, විනය පරීක්ෂණයකට ලක්ව සිටින ගණකාධිකාරිවරයෙකුගෙන් ඔහු මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බවයි. අදාළ විනය පරීක්ෂණය කොළඹ කාර්යාලයට නොදන්වා සිටීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ. එය ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසී ය.