රොහාන් වැලිවිට අගමැති මාධ්‍ය ලේකම් තනතුරට

අගමැති මාධ්‍ය ලේකම් ලෙස රොහාන් වැලිවිට පත් කෙරේ

by Staff writer 19-08-2020 | 6:33 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත් කර තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. අග්‍රාමාත්‍යවරයා 2000 වසරේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස රොහාන් වැලිවිට මහතා කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දැරූ කාලසීමාවේදී ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ, රොහාන් වැලිවිට මහතායි. ඔහු අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්, උපදේශක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු හෙබවූ නිලධාරියෙකි.