ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි භූ චලනයක්

කර්තෘ Staff writer

19 Aug, 2020 | 8:27 am

COLOMBO (News 1st) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ප්‍රභල භූ චලන දෙකක් හට ගැනුණි.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක් සහ 6 යි දශම 9 ක් ලෙස සටහන් වූ බවයි .

කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]