by Staff writer 18-08-2020 | 8:12 PM
COLOMBO (News 1st) : ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් 4 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසිය පැවසුවේ, නිවාස සංවර්ධන අධිකාරියට අයත් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මොවුන් වංචා කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට පත්වුණේ, නාගරික සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු කළමනාකරවරයා, හිටපු කලාප කළමනාකාරවරයා සහ හිටපු ගණකාධිකාරිවරුන් දෙදෙනෙකි.
පොලීසිය පැවසුවේ, ඔවුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය ආධාර සහ නිවාස ආධාර මුදල් එලෙස වංචා කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන්, ලද පැමිණිල්ලකට අනුව, කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට පත්විය.