by Staff writer 18-08-2020 | 6:09 PM
COLOMBO (News 1st) : සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.
ඒ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ පාර්ශවය විසින් ඉදිපත් කරනු ලැබූ පෙත්සමක් අද මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
අදාළ පෙත්සම මඩකළපුව මහ අධිකරණ විනිසුරු ඩී.එම්. සූසෛදාසන් මහතා ඉදිරියේ අද විභාගයට ගැනිණ.
පසුගිය මහ මැතිවරණයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ පිල්ලෙයාන් තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂයේ නායකයායි.
2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඔහු මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගරගතවයි.
මේ අතර දැනට මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට ද, අනිද්දා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී විමට අවසර හිමව තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පාර්ලිමේන්තුවට එවා ඇති අතර, එය පාර්ලිමේන්තු වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර, පාර්ලිමේන්තු රැස්වීමට ඉඩකඩ සලසා දෙන ලෙස ඉල්ලා තිබේ.