COLOMBO (News 1st) : ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතා අද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ රාජකාරී ඇරඹුවේ ය.
මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටිය හ.
එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
1973 හදපු ක්‍රීඩා පනත තමයි හතර වතාවක් සංශෝධනය වෙමින් ඇවිල්ලා තියෙන්නේ . මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ අලුතින් රටට ක්‍රීඩා පනතක් අපි ගේන්න ඕනේ. මුල හදන්නේ නැතුව මැදින් මැදින් පැලැස්තර අලවලා හරි යන්නේ නෑ. ගරු අගමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙත් උපදෙස් පරිදි බාර් ඇසෝශියේශන් එක්ත, නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණ අමාත්‍යවරයාත් එක්කත් සාකච්ඡා කරලා ක්‍රීඩා පනත අපි අලුතින් හදන්න ඕනේ. ඒ කාරණා උඩ තමයි ඉදිරියේ මේ ක්‍රීඩාවේ පැවැත්ම තීන්දු වෙන්නේ. හැම ක්‍රීඩා සමාජයක්ම රජයෙන් යැපෙන තැනට තමයි පනතේ තියෙන්නේ දියුණුවෙන රටවල බැලුවෙත්. ක්‍රීඩා ආර්ථිකය හැම රටේම දළ දේශීය ආදායමෙන් සියට දෙකක තුනක ආදායමක් ක්‍රීඩාවෙන් රටට ගේනවා. ඉතින් අපිට ඒ තත්වයට යන්න බැරි අපි තවම ඉන්නේ පැරණි පනත් රෙගුලාසි මත තමයි යන්නේ.
ඉදිරි කාලයේදී අපි හඳුනා ගන්න ඕනේ අපි තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන තරුණයෙක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වපසරිය වෘත්තීය පූහුණු වෙන්න පුළුවන්. කාර්මික පුහුණු වෙන්න පුළුවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙන්න පුළුවන් ඒ වගේම තමයි විනය හා සංස්කෘතිය කාරනා පදනම් කර ගෙන ඉතින් මේ කාරණා අමාත්‍යංශය තුළින් ඉදිරි කාල සීමාව තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය විදිහට තරුණයන්ට හා ක්‍රීඩකයින්ට බලපාන අනෙකුත් කාරණා ඒ විෂය පථය, විෂය පද්ධතිය සහිත ගරු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සමග සම්බන්ධ වෙලා ඒවා සඳහා තිරසාර විසදුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/604632643562162/