හිටපු ජනපති මෛත්‍රී ලබන 26 වැනි දා ජනපති කොමිසමට

හිටපු ජනපති මෛත්‍රී ලබන 26 වැනි දා ජනපති කොමිසම හමුවට

by Staff writer 17-08-2020 | 4:03 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලබන 26 වැනි දා කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවය. මීට පෙර හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.