by Hashini De Mel 17-08-2020 | 5:23 PM
COLOMBO (News 1st) - දිවයින පුරා විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එම කමිටුව හෙට (18) පෙරවරු 8.30 ට රැස්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එම කමිටු වාර්තාව සතියක් තුළ ලබා දීමට කටයුතු කරන බවයි.