"ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් ලැබෙන්නේ බාල ආණ්ඩුවක්"

"ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් අපිට ලැබෙන්නේ බාල ආණ්ඩුවක්" - ලී ක්වාන් යූ

by Staff writer 17-08-2020 | 10:15 PM

News 1st - මැතිවරණයක් අවසන් වෙලා දැන් ඇමතිවරු පත් කරලා ඔවුන් වැඩ ආරම්භ කරමින් ඉන්න අවස්ථාවක නූතන සිංගප්පූරුව නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ ලීක්වාන් යූ අගමැතිවරයා 1990 වසරේ ඔහු සහභාගී වූ අවසන් නිදහස් දින රැළියේදී පළ කළ මේ අදහස් අප කාටත් ඉතා ප්‍රායෝජනවත් වනු ඇති.

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ,
අපි ලාභ ආණ්ඩුවක් හදන්න ගියොත් අපිට ලැබෙන්නේ බාල ආණ්ඩුවක්. ඔබටම අවසානයේ දුක් වෙන්න වෙයි. ජනතාවගේ උද්යෝගය වර්ධනය කරගන්න රජයක් කුමක්ද කළ යුත්තේ? කවුරු හරි අලුත් දෙයක් පටන් ගත්තොත් ඔබ ඒ පසුපස යයි. මං හිතන්නේ සිංගප්පූරුවේ තත්ත්වයත් ඒකයි. ඒක තමයි ආණ්ඩු කරන කලාව. රජයේ පළවෙනි කාර්යය සැමට සමාන අවස්ථා ලබාදීම. ඒ වෙනුවෙන් ඔබ කරන දේ ප්‍රතිඵලය සමාන වෙන්නේ නැහැ. සමාන ප්‍රතිඵලයක් ලබා ගන්න යනවා නම් ඒක තමයි ඔබගේ අවසානය. ඒක ඩෙන් ෂියාඕ පෙන් කියපු විදිහට ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. හැම කෙනෙක්ම වැඩ කරන්නේ අඩුවෙන්. හැමෝම හදන කැඳ හැලියේ මොකුත් නැහැ. ඔබ ඉක්මනින් හතිවැටෙනවා නම් ඉවත්වෙලා යන්න පුළුවන්.මේක සෑම විටම විවෘත රටක්. ඔබට ඇතුළට එන්න පුළුවන් පිටතට යන්න පුළුවන්. එහෙම නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයක් නැහැ. සිංගප්පූරුව වෙනස් උනේ 1963 දී 64 දී සහ 65 දී මැලේසියාවේ හිටිය කණ්ඩායමක් තීරණය කරනවා අපි එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න. අපිට මැරෙන්න වෙනවා නම් ඒ අරමුණ වෙනුවෙන් අපි මැරෙන්න ලෑස්තියි. ඒ තුළින් තමයි සිංගප්පූරුව යථාර්ථයක් වුනේ. අපිට ඉන් එහා දේකින් සෑහීමකට පත්වෙන්න බැහැ. එහෙම කරන්න බැරි කෙනෙකුට බොහොම පහසුවෙන් තමන් විසින්ම ඉවත්වෙලා යන්න පුළුවන්. මම හිතනවා අපිට මේ අවස්ථාවේදී එකම අරමුණක් තියෙන කණ්ඩායමක් ඉන්නවා කියල. නමුත් ව්‍යසන අවස්ථාවකදී ඒ තිබ්බ විදිහට දැඩි තීරණ ගන්න හැකියාවක් ඔවුන්ට තියෙනවද කියල මම දන්නේ නැහැ. ඒක අපිට ඒ අවස්ථාවේ බලන්න වෙනවා. හැබැයි සුළු පිරිසකට පුළුවන් වෙයි කියලා මම හිතනවා.ගැටලුව තමයි ඒ වගේ කට්ටිය අපිට ගොඩක් ඕන කියන එක.ඔබ මොනවා කලත්, ඔබට හොඳ ආණ්ඩුවක් ලැබෙයි කියලා හිතනවා නම් ඔබ සියලු දේම අවදානමකට ලක් කරනවා.ඔබ ඡන්දය දුන්නේ විහිළුකාරයින්, පිස්සු මිනිස්සු , දුර්වල මිනිස්සුන්ට නම් ඔබගේ සියලු දේ අහිමිකරගැනීමේ අවදානමක් ඔබට තියෙනවා.සිංගප්පූරුවැසියන්ට මට දෙන්න තියෙන අවසන් පණිවුඩය තමයි ඔබගේ අනාගතය රැඳී තියෙන්නේ ඔබ ඒ වෙනුවෙන් කලදේ මතයි. ආණ්ඩුවකට පුළුවන් යම් රාමුවක් ලබාදෙන්න පමණයි. වටපිටාව සකසන්න පමණයි. නමුත් ජනතාවට අරමුණක් තිබිය යුතුයි. ඔබට එවැන්නක් නැත්නම් ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.