මුදල් ඇමති ඇතුළු තවත් ඇමතිවරු වැඩ අරඹයි

මුදල් ඇමති ඇතුළු තවත් ඇමතිවරු වැඩ අරඹයි

by Staff writer 17-08-2020 | 2:22 PM

COLOMBO (News 1st) : අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේ ය.

මුදල් අමාත්‍යාංශයට පැමිණී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා විසිනි. ආගමික වතාවත්වල නිරත අග්‍රාමාත්‍යවරායා සුබ මොහෙතින් රාජකාරී ඇරඹුවේ ය. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා හ. මේ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද එම අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ ක‍ළේ ය.