තවත් පැය 2, 3කින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා - විදුලිබල අමාත්‍ය

by Staff writer 17-08-2020 | 5:35 PM

COLOMBO (News 1st) - රට පුරා සිදුව ඇති විදුලි ඇණ හිටීම තවත් පැය දෙක තුනකින් පමණ යථා තත්ත්වයට පත් කිරීමට සිය නිලධාරීන් උත්සාහ ගන්නා බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තමන් අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන දින 5ක් තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වීම පිළිබඳ ජනතාවට සිය කණගාටුව පල කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.