කොළඹ 57% ක් ස්ථූලතාවයෙන් ප‍ෙළෙයි

කොළඹ 57% ක් ස්ථූලතාවයෙන් ප‍ෙළෙයි - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

by Staff writer 17-08-2020 | 1:58 PM

COLOMBO (News 1st) : කොළඹ ජනතාවගෙන් 57% ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
2019 වර්ෂයේ පළ කරලා තියෙන දත්ත අනුව ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ජනතාවගෙන් 57% ස්ථූලතාවයෙන් පෙළෙන බවට තමයි දත්ත පලවෙලා තිබෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාටත් අපි ප්‍රකාශ කර හිටියා අපි නිරෝගීකම අත්කර ගන්නට කටයුතු කළ යුත්තේ ඉතාමත්ම ක්‍රමවත්ව. එහෙම නොවුණොත් එහෙම මම එතුමාට කිව්වා එතුමගේ කාලවකවානුව අවසන් වනවිට 2025 වනවිට ලංකාවේ 40 % ඉක්ම වූ ප්‍රමාණයක් රෝගීන් බවට පත් වෙලා ඉඳීවි. එතකොට මේ වකුගඩු රෝගයෙන් වකුගඩුවක් බද්ධ කරන්න යම්කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අක්මාවේ තෙල් තැන්පත්වීම සහ අක්මාව තැන්පත් කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් බද්ධ කරන්න අක්මාවක් ගන්න තව කෙනෙක් නැති වෙන තත්ත්වයක් තත්ත්වයට පත්වෙලා අපි විනාශයට පත් වෙලා යනවා. ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මේකට තියෙන විකල්ප මොනවාද කියලා හොයලා බැලුවහම පැහැදිලිව පෙනෙන කාරණය තමයි 2002 ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහවුරු කරලා තියනවා ඒ අයගේ අධ්‍යක්ෂ ජනරාල් වාර්තාව විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා. ඒ අය පෙන්නුම් කරලා දෙනවා වසංගතයක් හැටියට පැතිරෙන බෝ නොවන රෝගවලින් අපිට ආරක්ෂා වීමට අවශ්‍යතාවයක් ඕනෑ කමක් තියෙනවා නම් ඒ සඳහා පිළිපැදිය හැකි හොඳම ක්‍රමවේදය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නලා දෙන්නෙ දේශීය පාරම්පරික ආහාර රටාව ඇතුළු ජන ජීවිතයට නැවත පිවිසිය යුතු බවයි.