'මැන්ඩි' මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රු. මිලියන 200 ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 16-08-2020 | 7:21 AM

COLOMBO (News 1st) - 'මැන්ඩි' නැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වන බවයි. අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ. ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.