භික්ෂූන් වහන්‍සේලාට සිව්පසයෙන් උපකාර කරන්න

භික්ෂූන් වහන්‍සේලාට කතිරයෙන් උදව් කරන එක නවත්වලා සිව්පසයෙන් උපකාර කරන්න - පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි

by Staff writer 16-08-2020 | 9:35 PM

COLOMBO (News 1st) : මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ද අපේ ජන බල පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් පල කළේ ය.

"අපි මුල ඉඳලාම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපකාර කරන්න එපාය කියලා. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් විදියට කතිරයෙන් උදව් කරලා තිබුණේ නෑ. එක්කහු කර ගත්ත ඡන්දය තුළින් එක මන්ත්‍රී ධූරයක් ලැබිලා තියනවා. ඉතින් අද වෙනකොට සටනක් යනවා. ඒ ආසනය බෙදා ගන්න බැරුව. දැන් සාසනයට වඩා වටිනාකමක් ලබා දීලා තියෙන්නේ ආසනයට. අනේ පිං සිද්ධ වෙයි මේකවත් ආදර්ශෙට අරගෙන මතුවේ පැවැත්වෙන මැතිවරණයකදී භික්ෂූන් වහන්‍සේලාට ඡන්දයෙන් නැත්නම් කතිරයෙන් උදව් කරන එක නවත්වලා සිව්පසයෙන් උපකාර කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක තමයි මේ රටට කරන මහා ගෞරවය.ශාසනයට කරන ලොකු ගෞරවය"