පා. මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

by Staff writer 16-08-2020 | 8:19 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගිවීමේදී මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම පියවර ගෙන ඇති බව නිව්ස්ෆස්ට් සමග සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.