COLOMBO (News 1st) : පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පරණ ක්‍රමයටද?
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සූදානම් වෙයි.
පළාත් සභා මැතිවරණය මීට පෙර ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති බවට පුවත්පත් අද වාර්තා කර තිබුණි.
ඒ වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බවට ද අදාළ වාර්තාවන්හි සඳහන් ය.
මේ පිළිබදව අදත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම ස්ථාන කිහිපයකදී අදහස් පල කළේය.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
නීතිමය පසුබිමක් තියෙනවා. සංශෝධන ගේන්න ඔනෑ. මැතිවරණ පවත්වන්න දිනයක් නෑ.
මාධ්‍යවේදී ප්‍රශ්නය
පළාත් සභා මැතිවරණයක් තියන්න සූදානමක් තියෙනවාද?
තේරීපත් වූ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා
අලුත් ක්‍රමයකට තියෙනවාට වඩා ඉක්මණින් කටයුතු කරන්න පුළුවන් මොකද පළාත් සභා මැතිවරණය අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතිං ඒ නිසා ඉක්මනින් ඒ මැතිවරණය පැවැත්විය යුතුයි. එය තබන්න ලේසිම ක්‍රමය තමයි පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන එක. හැකි ඉක්මනින් ඉදිරි මාස තුන හතර ඇතුළත එහෙම නැත්තම් අප්‍රේල් මාසේ වෙනකොට ඉදිරි මොකද මේ කාලය ඉතා වැදගත් වෙනවා මේ සියලු දෙවල් කරන්න. මාස 6 කින් විතර ඒ වැඩේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරත්න හිමි
යහපාලන ආණ්ඩුවෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා පැවැත්වූයේ නෑ. ඒ පවත්වපු නැති වෙලාවල්වල විශේෂයෙන් අපේ පොසොන් පිංකම් අනෙකුත් රාජ්‍ය උත්සව බොහොමත්ම නිරවුල්ව අලංකාරව කර ගැනීමට අපිට හැකියාව ලැබුණා. ප්‍රාදේශීය ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමා අනෙකුත් සම්බන්ධීකරණ කමිටු එක්කහු වෙලා ඒ කටයුතු සුදානම් කරන්න හැකියාව ලැබුණා. කෝටි 6 ක් මාසිකව ගෙවනවා ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රීලාට සභාපතිලාට ඉතින් ඒ හින්දා රට සංවර්ධනය කරන්න දියුණු කරන්න නම් මේ තියෙන ප්‍රාදේශීය සභා ටික කාලය ඉකුත් වුණාම අහෝසි කරන්න. නගර සභා ටික. ඒ වාගේම මහ නගර සභා ටික. ඒවාගේම පළාත් සභා තියලා නෑ. ඒ පළාත් සභාත් අහෝසි කරන්න.
පළාත් සභා 9 න් නැගෙනහිර , සබරගමුව හා උතුරු මැද යන පළාත් 3 හි නිල කාලය 2017 වසරේදී අවසන් වූ අතර මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභා 3 හි නිල කාලය අවසන් වුයේ 2018 වසරේදී ය.
ඌව, බස්නාහිර සහ දකුණු පළාත් සභා 3 හි නිල කාලය ඉකුත් වසරේදී අවසන් විය.
https://www.facebook.com/NewsfirstSL/videos/2425788481047037/