නීතිවිරෝධීව මැණික් ගැරූ 7 දෙනෙකු දැලේ

නීතිවිරෝධීව මැණික් ගැරූ 7 දෙනෙකු බගවන්තලාවේදී දැලේ

by Staff writer 16-08-2020 | 5:12 PM

COLOMBO (News 1st) : බගවන්තලාව ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගෙන් සිව්දෙනෙකු කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ ඉවුරු කපා මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. අනෙක් පුද්ගලයන් තිදෙනා කොටියාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ඇප මත මුදා හැරුණු එම සැකකරුවන් ලබන 19 වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.