ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක්

by Staff writer 16-08-2020 | 8:04 PM

COLOMBO (News 1st) : ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ප්‍රධාන පෙලේ සති අන්ත පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ.

කැබිනට් අනුමැතිය ලැබූ විගස මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ සූදානමක් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. එහි දැක්වෙන්නේ මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු බිල්පත් ගෙවීමට එමගින් හැකි වනු ඇති බව ය. ටයිම්ස් වාර්තාවට අනුව ඉදිකිරීම් ව්‍යාපෘති නිම කිරීම සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත රුපියල් බිලියන 200 ක් මෙමගින් ආවරණය කිරීමට නියමිත ය. මෙම ගෙවීම් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් ය. විදේශ ණය ගෙවීමට ද මුදල් මෙම අතුරු සම්මත ගිණුමේ ඇති රුපියල් ට්‍රිලියන 1.6 කොටසක් වෙන් වේ. නව ව්‍යාපෘති කිහිපයක් සඳහා ද එමගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති. මේ අතර ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සහ දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව ස්ථාන කිහිපයකදී අදහස් පලවිය.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ''ග්‍රාමීය මට්ටමේ ආර්ථික ඉඳලා සමස්ත ආර්ථික ගොඩනැගීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් ජනතාවට මුදල් ලැබෙන මුදල් සංසරණය වන වටපිටාවක් අපි ගොඩනගනවා වගේම මේ අවුරුද්ද අවසානයේ ඉදිරිපත් වන අය වැය ලේඛනය තුළ ජනතාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් පහුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ පැවැති අඳුරු ආර්ථික කලින් පරිච්ඡේදය අවසන් කරලා නැවත පිබිදීමක් එක්ක අලුත් අයවැය ලේඛනයක් එක්ක ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් සුභදායි අනාගතයක් අපේ රට වෙනුවෙන්''
මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන, රාජය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා
''අපි දේශීය ආර්ථිකයට විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා . දේශීය ආර්ථිකයේ කොටස්වලට අපි විශේෂ ඇමතිවරුන් පත් කරලා තියෙනවා . ඒ නිසා මං හිතන්නේ වැඩිකල් යන්න කලින් ජනතාව දකීවි. අපි දැන් පුරුදු වෙන්නට ඕනේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න ජනතාවට බොරු සහන දෙනවයි කියලා මුලාකරන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕන.දැනටමත් අඩු ආදායම් ලැබෙන පීඩනයට පත්වෙලා තියෙන පවුල් ලක්ෂයක දරුවන්ට රැකියාවක් ලබා දෙන්න. අපි දන්නවා කොච්චර ලොකු සහනයක්ද කියලා පවුල කෙනෙක් රැකියාවක් ලැබෙන එක. උපාධිධාරීන්ට 50,000ක රැකියාව ලබාදීලා තියෙනවා. දැන් ඒවායින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න අඩුකර ගැනීම'' https://www.facebook.com/NewsfirstSL/videos/603886600313748/