කොළඹ - යාපනය දුම්රිය 2 ක් අද සහ හෙට ධාවනයෙන් ඉවතට

කොළඹ - යාපනය ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙට ධාවනයෙන් ඉවතට

by Staff writer 16-08-2020 | 12:34 PM

COLOMBO (News 1st) - කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙට දිනයේ ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, උතුරු මාර්ගයේ, ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බවයි. ඒ අනුව අංක 81 සහ 82 දරණ දුම්රියන් ධාවනය නොවනු ඇති.