STF වැටලීම්වලින් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

STF වැටලීම්වලින් ගිනිඅවි 3ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

by Staff writer 15-08-2020 | 3:53 PM
COLOMBO (News 1st) : කිරිදිවිට, දෙණියාය හිඟුරසේන සහ ඌරුබොක්ක බෙංගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම්වලින් ගිනි අවි 3 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ගෝනහේන විශේෂ කාර්යය බලකා කඳවුර ගම්පහ කිරිදිවිට ප්‍රදේශයේදී බොර 12 තුවක්කුවක් සහ ඒ සඳහා භාවිත කරන පතරොම් 4 ක් සමග සැකකරුකවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු 58 හැවිරිදි කිරිදිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙණියාය විශේෂ කාර්ය බලකා කඳවුර හිඟුරහේන සහ බෙංගමුව ප්‍රදේශයේ කළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත තුවක්කුවක්, බොර 12 තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කිරිවැල්දොළ සහ දෙකද් දණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ පොලිස් ස්ථානවලට දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.