M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

by Staff writer 15-08-2020 | 8:54 PM
COLOMBO (News 1st) : M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමිනි. 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඔහු ටෙස්ට් පිටියට පා තැබුවේ 2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිවයි. දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම 2011 ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගත්තේ ය. එක්දින ජාත්‍යන්තර තරග 350කදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 10,773කි. ඊට ශතක 10ක් සහ අර්ධ ශතක 73ක්ද ඇතුළත් විය. ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කළ දෝනි ඉනිම 144කදී ලකුණු 4876ක් රැස් කළ අතර ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 33ක් ඇතුළත් ය. පන්දුවාර 20යි 20 තරග 98කට ක්‍රීඩා කළ දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම 2007 වසරේදී 20යි 20 ලෝක කුසලානය දිනා ගත්තේ ය. දෝනි පවසන්නේ ක්‍රිකට් පිටියේ මෙතරම් දුරක් පැමිණීමට තමන්ට සහය දුන් සැමට ස්තූතිවන්ත වන බවයි.