50 වන ගම්මැද්ද මහ සභා ජනතා සමුළුව දඹානේදී

50 වන ගම්මැද්ද මහ සභා ජනතා සමුළුව දඹානේදී

by Staff writer 15-08-2020 | 9:37 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ආදී වාසීන් වාර්ෂිකව හමුවන මහා සමුළුව අද දඹාන ආදීවාසී ගම්මානයේදී පැවැත්විණ.

ඊට සමගාමීව ආදී වාසීන් වර්ථමානයේ මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර , එම ප්‍රශ්න විසදා ගැනිම වෙනුවෙන් වූ මහජන සේවා ක්‍රියාවිතයක්ද ක්‍රියාත්මක විය. මෙරට ඉතිහාස කතාවේ සැලකිය යුතු කොටසක් මෙරට ආදීවාසි ප්‍රජාව නියෝජනය කරයි. සතා සිව්පාවුන් සමග, ගහකොළ ඇළ දොළ සමග අදටත් ජීවත්වන රතුගල, වාකරේ, හේනානිගල, පොල්ලේබැද්ද ඇතුළු ආදීවාසි ගම්මානවල ජනතාව අද දඹාන ආදිවාසී ගම්මානයට පැමිණියේ වරිගසභාවට එක්වීමටයි. ඊට සමගාමීව ආදී වාසීන් වර්ථමානයේ මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර, එම ගැටලු විසඳාගැනීම වෙනුවෙන් වූ මහජන සේවා ක්‍රියාන්විතයක්ද අද දිනයේ ක්‍රියාත්මක විය. ඊට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය බලධාරීන්ද එක්ව සිටි අතර, ආදී වාසීන්ට සිය පාරම්පරික සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට ඇති අභියෝග පිළිබඳව සෘජුව බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ද අවස්ථාව හිමි විය. මෙය 50 වන ගම්මැද්ද මහසභා ජනතා සමුළුවයි . https://www.facebook.com/NewsfirstSL/videos/990762161360694/